මෙරට බඩ ඉරිගු ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම මස (ජනවාරි) 15 වනදා සිට මෙරටට බඩඉරිගු ආනයනය කිරීම තහනම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එහි අතිරේක ලේකම් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා කෘෂි රේඩියෝ  ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී මේ බව සදහන් කළේය.

මහ කන්නයේ හෙක්ටයාර් 75000 ක බඩ ඉරිගු වගා කෙරිණි.

මේ වන විට එහි අස්වැන්න නෙලීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, බඩ ඉරිගු අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් පමණ ලැබෙතැයි අපේක්ෂා කරන බව ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මේරට බඩ ඉරිගු ගොවියා ආරක්ෂා කර ගැනීම හා ඔවුන්ට හොද මිලක් හා වෙළදපළක් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

මීට අමතරව ලබන 15 වනදා සිට මෙරටට රටකජු ආනයනය කිරීමද තහනම් කර තිබේ.

දේශීය රටකජු ගොවියා ආරක්ෂා කිරීම මෙහි අරමුණ වේ.

එබැවින් මේ වන විට විදේශයන්ගෙන් මෙරටට ගෙන්වීමට ඇණවුම් කර ඇති බඩ ඉරිගු හා රටකජු ලබන 15 වනදාට පෙර මෙරටට ගෙන්විය යුතු බව කෘෂිකර්ම අමාත්‍යංශය අවධාරණය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here