නගරයට උයන් වතු තරගාවලියේ ආණ්ඩුකාර සම්මානය පුද්ගලික ගෙවතු අංශයට

0
128

 

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නගරයට උයන් වතු තරගාවලියේ 2019 වර්ෂයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික ප්‍රදානනොත්සවය 2019 දෙසැම්බර් මස  23 වන දින උත්සවාකාරයෙන් පැවැත්වුණා .

මධ්‍යම පළාත් ගෙවතු සංවර්ධන හා නාගරික ප්‍රදේශ භූමි අලංකරන  වැඩසටහන යටතේ මෙම තරගාවලිය සංවිධානය කර තිබු අතර , තරග අංශ 15 ක් යටතේ ජයග්‍රාහකයන් තොරා ගැනීම මෙහිදී සිදු කර ඇත.

නාගරික පුද්ගලික ගෙවතු ,හොඳම රාජ්‍ය ආයතන ගෙවතු ,පාසල් ගෙවතු, හොඳම වතු නිලධාරි ගෙවතු, මහජන නිලධාරීන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ ගෙවතු, හොඳම සංචාරක හෝටල් ගෙවතු, ආකර්ශණීය පොදු ස්ථාන ආදී  තරඟ අංශ මේ අතර විය.

තරගාවලිය කෘෂිකර්ම උපදේශක කොට්ඨාශ මට්ටමින් ,සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ මට්ටමින් ,දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් යටතේ අංශ හතරක් යටතේ පැවැත්විය.

මෙම තරගාවලියේ ආණ්ඩුකාර වර සම්මානය පුද්ගලික ගෙවතු අංශයට අදාලව අලවතුගොඩ කාෂිකර්ම උපදේශක කොට්ඨාශයේ එම්.එච්.එම්.ෆායිස් මහතා ජයග්‍රහණය කරන ලදි.

ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී ජයග්‍රහකයන් හා සම්බන්ධ කෘෂිකර්ම නිලධාරීන් හටද සම්මාන සහ සහතික පත්‍ර ලබා දීම සිදු කරන ලදි.

ගන්නෝරුව පැලෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දි පැවැත්වුණු ජයග්‍රාහකයන් සදහා  ත්‍යාග ප්‍රදානෝත්සවයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර වර ලලිත් යු. ගමගේ මහතා ,මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර වර ටිකිරි කොබ්බෑකඩුව මහතා ,මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් සුජාතා විජේසිංහ මැතිණිය සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය W.M.W. වීරකෝන් මහතා  ඇතුළු මහජන නියෝජිතයන් මෙන්ම  කෘෂිකර්ම නිලධාරීන්   විශාල  පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here