දුඹුරු පැල කීඩෑ උවදුර මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකින්ම වාර්තා වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව මේ වන විට හම්බන්තොට, ගම්පහ, කුරුණැගල, මහනුවර යන දිස්ත්‍රික්ක වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රෙද්ශවල මෙම කීඩෑ හානිය පැතිර යමින් පවතින බව වාර්තා වේ.

දුඹුරු පැළ කීඩෑවා කෙටි පියාපත් සහිත සහ දිගු පියාපත් සහිත ලෙස ආකාර 02 කින් හදුනාගත හැකිය.

ගොයම් පත්‍රෙය් මැද නාරටිය හා පත්‍ර කොපුව තුළ වරකට බිත්තර 300 පමණ දමන මෙම කීඩෑවාගේ බිත්තරවලින් බිහිවල ශිෂුවන් සහ සුහුඹුලන් ගොයම් ශාකයේ කද පාදස්ථයේ ජල මට්ටමට ආසන්නව රැදෙමින් යුෂ උරා බී වගාව විනාශ කරයි.

ගොයමට මෙම කීඩෑ හානිය ඇති වූ විට ගොයම කහ පැහැයට හැරෙන අතර, හානි වූ ස්ථාන කවාකාර අල්ලි ලෙස පෙනේ.

එමෙන්ම, ගොයම පිලිස්සී ඇති ස්වභාවයක් ගනී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම කන්නයේ පවතින කාළගුණ තත්ත්වය දුඹුරු පැළ කීඩෑ ව්‍යප්තියට හිතකර වීම හේතුවෙන් මෙම හැනිය වැඩි වශයෙන් ව්‍යප්ත වන බවය.

කෙසේ වෙතත් හානිය හදුනාගත් මුල් අවස්ථාවේ කෘමි නාශක යෙදීමකින් තොරව මෙම හානිය පාලනය කළ හැකි බව ද දෙපාර්තමේන්තුව කියා සිටී.

දිනපතා තම වගාව පරීක්ෂා කිරීම තුලින් මෙම හානිය මූලික වශයෙන් වළක්වා ගැනීමට හැකි වේ.

ගොයමේ පාදිය කොටසේ දුඹුරු පැළ කීඩෑවා සිටින බැවින් කුඹුරේ වැඩිපුර ඇති ජලය ඉවත් කිරීමත්, අවශ්‍ය පමණට පමණක් නයිට්‍රජන් පොහොර දැමීම සහ ගොයම වල් පැළවලින් තොරව පවත්වා ගැනීමත් ඉතා වැදගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

හානිය උග්‍ර වී කීඩෑ පිලිස්සුම පිටතට පෙනෙනා තරමට පැතිරෙන්නේ නම් කෘමි නාශක යෙදිම සුදුසු වේ.

එම අවස්ථාවේදී කීඩෑවාගේ වර්ධක අවධිය හොදින් හදුනාගෙන එයට හොදටම ගැලපෙන කෘමිනාශක වර්ගය නියමිත මාත්‍රාවෙන් යෙදීම වැදගත් වේ.

කීඩෑවන් වෙසෙන්නේ ගොයමේ පාදිය කොටසේ බැවින් දියර විදින නොසලය ගොයමේ පාදිය පෙදෙසට හරවා ඉසීම උවදුර පාලනය කිරීමේලා වැදගත් වන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අවධාරණය කරයි…

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here