ගුවන් විදුලි ගොවි සේවාවේ රුහුණු ඒකකය මගින් සංවිධානය කරනු ලබන විශේෂ ප්‍රවර්ධන වැඩසටහනේ මීලග අදියර ජනවාරි 07 වන දින ඉමදුව පොළ පරිශ්‍රයේ දි පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව හත්වන දින සවස 2.00 සිට 5.00 දක්වා මෙම ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙනු ඇත.

ගුවන්විදුලි ගොවි සේවාවේ  වැඩසටහන් පිළිබඳව , කෘෂි රේඩියෝ වැඩසටහන් පිළිබඳව හා   පොළභූමියට පැමිණෙන ජනතාවට මතුවන  කෘෂිකාර්මික ගැටළු වලට විසදුම් ලබා දීම හා  දැනුවත් කිරීම් මෙහි දී සිදුකරනු ලබයි..

වැඩසටහන සඳහා සහභාගීවන ප්‍රදේශයේ  ගොවි මහත්ම මහත්මීන් සඳහා ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවක්  ද ,මෙහිදී උදා කර දි ඇත.

රුහුණු ඒකකය හා අත්වැල් බැඳ ගනිමින් මාතර දිස්ත්‍රික් කෘෂි ව්‍යාපාර උපදේශන අංශයේ  නිලධාරීන් සහ ගාල්ල දිස්ත්‍රික් බෝග සායන නිලධාරීන් ද ,මෙම වැඩසටහනට සම්බන්ධ වේ.

ඒ අනුව ජනතාවට අවශ්‍ය ගැප් ප්‍රමිතිකරණය පිළිබඳ තොරතුරු සහ වගාවන් හි මතු වි ඇති රෝග හා පළිබෝධ පාලනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් මෙහි  දී සිදු කිරීමට නියමිතයි.

බෝග සායනය සඳහා ඔබේ වගාවේ පවතින රෝග හා පළිබෝධ ගැටළු වලට අදාල   සජීවී නිදර්ශක මේ සඳහා රැගෙන ඒමට උනන්දු විය යුතු බව ගුවන් විදුලි ගොවි සේවාව ගොවීන් වෙත දැනුම් දේ .

මෙවැනි වු පොළ ප්‍රවර්ධන වැඩසටහන් ඔබගේ නගරයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ගුවන් විදුලි ගොවි සේවාවේ රුහුණු ඒකකයේ 041-2241651 යන දුරකතන අංකයට දැනුම් දිය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here