සෞඛ්‍යාරක්ෂිත හා ගුණාත්මයෙන් ඉහළ එළවළු හා පළතුරු පාරිභෝගික ජනතාව වෙත ලබා දීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබේ.
ඒ අනුව දෙපාර්තමේන්තුවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හෙවත් ගැප් වැඩසටහන යටතේ ගැප් සහතික ලත් ගොවි මහත්ම මහත්මීන් විසින් නිෂ්පාදනය කළ එළවළු හා පළතුරු මිලදී ගැනීම සදහා විශේෂ වෙළදපළ කලාපයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
“ඇග්රි ෆ්‍රෙෂ් “ ලෙස මෙම වැඩසටහන නම් කර තිබේ.
ලබන 04 වනදා සිට සෑම සතියේ දිනකම හා සෙනසුරාදා දිනයකදීම උදෑසන 08.00 සිට පස්වරු 6.00 දක්වා  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසල පිහිටි හෙළ බොජුන්හල් පරිශ්‍රයේදී ඔබට නැවුම් එළවළු හා පළතුරු මිලදී ගැනීමට අවස්ථාව උදා වනු ඇත.
සෞඛ්‍යාරක්ෂිත බවින් යුත් එළවළු හා පළතුරු ජනතාව වෙත ලබාගැනීමට අවස්ථාව සැලසීම, ගැප් වැඩසටහන පිළිබදව ජනතාව දැනුවත් කිරීම මෙන්ම ගැප් ගොවි මහත්ම මහත්මීන්ට වෙළදපළක් සපයා දීම යන කරුණු මුල් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එමෙන්ම මෙම වෙළදපළ පරිශ්‍රය තුල දී සුලු පරිමාණ ලෙස කෘෂි ආහාර නිෂ්පාදකයන්ගේ අගය එකතු කළ නිෂ්පාදන මිලදී ගැනීමට ද පාරිභෝගික ජනතාවට අවස්ථාව උදා කර දී තිබේ.
මෙම වෙළදපළ පරිශ්‍රය විවෘත කිරීම ලබන 04 වනදා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්.ඩබ්.එම්.වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බව කෘෂි ව්‍යාපාර අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඒ.එස්.එම්.රොෂාන් මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here