නිවැරදි කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කර ඉහළ සාර්ථක අස්වැන්නක් ලබා ගත්තද වෙළදපලේ දී අපේක්ෂා කරන මිල නොලැබුණහොත් ලාභයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් ගොවි මහතුන් විශාල පිරිසක් අපහසුතාවට පත්වීම ඇතැම් අවස්ථාවල වාර්තා වනවා.

ඒ හේතුවෙන් වෙළදපලේ දී ඉහළ මිලක් ලැබෙන පරිදි කල් තියා වගා කරන බෝග වර්ග හා ප්‍රමාණය සැලසුම් කර ගත යුතුයි.

ඒ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානයේ බෝග පුරෝකථන ඒකකය විසින් ලබා දෙන බෝග පුරෝකථන තොරතුරු ආශ්‍රිතව වගාව සිදු කිරීමෙන් ඉහළ මිලක් ලබා ගැනීමට හැකියාව පවතී.

එම ඒකකය විසින් මෙම තොරතුරු ඉදිරිපත් කරනු ලබන්නේ වර්තමාන වගා වපසරියට හා අනාගත ඉල්ලුමට අවධානය යොමු කරමිනි.

ඒ අනුව ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ වගා කිරීමට සුදුසු එළවළු පිළිබද පූර්ව දැනුම් දීම මේ වන විට නිකුත් කර තිබේ.

එම කාලය තුළ බීට්රූට්, කරවිල, වම්බටු, ගෝවා, මාළු මිරිස්, කැරට්, පිපිඥ්ඥා, ලීක්ස්, මෑ කරල්, වට්ටක්කා, වැටකොලු, පතෝල හා තක්කාලි, බණ්ඩක්කා සහ රාබු යන එළවළු  වගා කිරීමෙන් වෙළදපලේ ඉහළ මිලක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ කාලය තුළ දී බෝංචි වගා කිරීමෙන් ද වෙළදපලේ තරමක හොද මිලක් ලබා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here