දේශීයව හා විදේශීයව පිළිගත් වටිනා සහතිකයක් සමගින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා ඇතුළත්වීමට බලාපොරොත්තුවන්නන් හට ක්ෂේත්‍ර සහායක (කෘෂිකර්ම ) පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හා ගොවිපල මගින් 2020-2021 අධ්‍යයන වර්ෂය සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත NVQ 4 මට්ටමේ මෙම පාඨමාලාව අප්‍රේල් මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හදාරා ඇති ,වයස අවුරුදු 17 ත් 30 ත් අතර අවිවාහක අයදුම්කරුවන්ට මේ සඳහා  අයදුම් කල හැක.

තව ද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස්පෙළ සඳහා කෘෂිකර්මය විෂය හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වේ.

පාඨමාලා කාලය වසරක් වන අතර පාඨමාලා කාලය තුලදී ප්‍රායෝගික හා න්‍යායාත්මක කෘෂිකර්ම පුහුණුව සමගින් නොමිලේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා සඳහා ද අවස්ථාව උදාකර දී තිබේ.

පාඨමාලාව සඳහා අයදුම්පත් 2020 මාර්තු 15 වන දිනට පෙර කළමණාකරු, දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය හා ගොවිපල , නාලන්ද යන ලිපිනයට එවිය හැක.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 066-2246622 හෝ 071-4780988 යන දුරකතන අංක ඇමතිමෙන් ලබා ගතහැක.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here