සේනා දලඹුවන්ගේ ගහණය පාලනය කිරීම සදහා ෆෙරමෝන් උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය  කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

පසුගියදා මහඉලුප්පලම ගොවි පර්යේෂණ ආයතනයහි සිදුකල ක්ෂේත්‍ර චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එහිදී පෙරමෝන උගුල මගින් සලඹුවන් උගුලට හසුවන ප්‍රවනතාව පිළිබද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදුකල නිරීක්ෂණ සටහනද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විණි.

මූලිකවම දලඹුවා විසින් බඩඉරිඟු, කුරක්කන්, උක්, සෝගම්, මාංශ බෝග හානියට පත්කරන බවත් ගෝවා, බීට්, රටකජු,රතුළූණූ, සෝයා බෝංචි, බී ළූණු, තක්කාලි වගාවන් සදහාද දලඹුවාගෙන් අර්ධ හානි විය හැකි බව කෘෂීකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහිදී පෙන්වා දුන්නේය

බඩඉරිගු වගා කර ඇති හෙක්ටයාර් 82000න් දලඹු හානිය හෙක්ටයාර් 43000ක් බවත් හානියෙන් මෙරට බඩඉරිගු අස්වැන්නෙන් සියයට 10 සිට 20 දක්වා අස්වනු හානිය සිදුවිය හැකි බව ද කෘෂිකර්ම  නිලධාරීන් පෙන්වා දුන්නේය .

දැනටමත් බඩඉරිගු හෙක්ටයාර් 6957.5 ක අස්වනු නෙලා අවසන් වී ඇති බවත් මෙම කන්නයට වගා කල බඩඉරිඟු වගාවේ අවම අස්වනු හානියක් වාර්තා වන බව කෘෂි නිලධාරීහු එහිදී අමාත්‍යවරාට සදහන් කර සිටියහ

එමෙන්ම, කන්නයට සහ යාය එකට වගා කිරිම සදහා ගොවීන් සංවිධානය කිරීම මෙන්ම සේනා දළඹුවා පාලනය සඳහා මාර්ගෝපදේශයක් සකස් කිරීමට හැකි ඉක්මනින් පියවර ගන්නා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී  ප්‍රකාශ කර සිටියහ.

මේ වෙනුවෙන් 1996 අංක 35 දරණ ශාඛා ආරක්ෂණ පනතේ නීති හා රෙගුලාසි අනුව කටයුතු කිරිම සිදු කල යුතුව ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂක අනුර විජේතුංග මහතා මෙහිදී පැවැසීය .

එමෙන්ම සත්ත්ව ආහාර ලෙස බඩඉරිඟු කිරි කරල් පරිහරණය කරන්නන් වෙනුවෙන් ආසාදිත ශාක කැබලි කිරිම සඳහා යන්ත්‍ර හඳුන්වාදීම සිදු කල යුතු බවද ඒ මහතා පෙන්වා දුනි..

ඒ සඳහා කේෂ්ත්‍ර මට්ටමේ නිර්දේශිත උපදෙස් ක්‍රියාත්මක කල යුතු බවත් පළිබෝධ මර්ධන ආදර්ශන කේෂ්ත්‍ර ස්ථාපිත කිරිමට ද පියවර ගන්නා බවත් අනුර විජේතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here