මොණරාගල දිස්ත්‍රික්කය තුළ වී වගාව, අතිරේක බෝග නිෂ්පාදනය හා වගා නොකල ඉඩම්වල ආදේශක බෝග වගා කිරීමේ  ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවේ.

මොණරාගල දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය හරහා මෙම වැඩසටහන් ක්‍රියාත්මකය.

මෙහිදී වී වගාවේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම සදහා වැඩසටහන් රැසක් ආරම්භ කර තිබේ.

ඒ යටතේ ගොවි නිෂ්පාදන සමිති හරහා යාය වැඩසටහන ක්‍රියාත්මක අතර, ඒ හරහා මේ වසරේදී හෙක්ටයාර 80 ක් වගා කිරීමට අපේක්ෂිතය.

එමෙන්ම එම සමිති හරහා ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් ද ලබා දී ඇති අතර, ඒ සදහා ගොවීන්ට අවශ්‍ය පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මකය.

මීට අමතරව මොණරාගල දිස්ත්‍රික්කය තුළ අතිරේක බෝග නිෂ්පාදන ඵලදාතාව ඉහළ නැංවීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.

මේ යටතේ ගොවි නිෂ්පාදන සමිති හරහා ගුණාත්මක බීජ ගොවීන් වෙත ලබා දීම සිදු කරන බව මොණරාගල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.එම්.එස් උදයංගනී මහත්මිය සදහන් කළාය.

මුං, කව්පි, කුරක්කන්, රටකජු, තල,මිරිස් හා උදු යන බෝග වල ගුණාත්මක බීජ මෙහිදී ලබා දෙයි.

මීට අමතරව වගා කළ හැකි එහෙත් වගා නොකල ඉඩම්වල ආදේශක බෝග වගා ව්‍යාපෘතියක් ද මොණරාගල දිස්ත්‍රිකක්ය තුළ ක්‍රියාත්මක වේ.

ඒ සදහා ගොවීන්ට සුදුසු ජල සම්පාදන ක්‍රමයක් හදුන්වා දීම සිදු කෙරේ.

ඒ සදහා රැපියල් මිලියන 2.5 ක මුදලක් වැ‍ය කිරීමට අපේක්ෂිත බව මොණරාගල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.එම්.එස් උදයංගනී මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here