ස්ටෝබෙරි යනු මේ වන විට මෙරට දෙස් විදෙස් සංචාරකයන් අතර මෙන්ම ජනතාව අතර මහත් ජනප්‍රියතාවයට පත්ව ඇති පළතුරක්.

ස්ටෝබෙරි ආහාරයට ගැනීමට ලොකු කුඩා වයස් බේදයකින් තොරව සියලුදෙනා කැමැත්තක් දක්වයි.

මෙරට සියලුම ප්‍රදේශවල දක්නට නොලැබෙන මෙම පළතුර නුවරඑළිය, බණ්ඩාරවෙල හා වැලිමඩ යන ප්‍රදේශවල දැකගත හැකි වේ.

මෙහි ඇති ජනප්‍රියතාව නිසාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙරට ස්ටෝබෙරි වගාව වඩා ඵලදායීතාවයකින් යුතුව සිදු කිරීම සදහා විශේෂ වැඩපිලිවෙලක් සකස් කර තිබේ.

මේ පිළිබදව තොරතුරු දැන ගැනීම සදහා කෘෂි එෆ් එම් ප්‍රවෘත්ති අංශයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෞම්‍ය කලාපීය බෝග නායක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ පී.ඩී.අබේතිලකරත්න මහතාව සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබිණි.

මේ වන විට ප්‍රථම වතාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දුන් නව ස්ටෝබෙරි ප්‍රබේද වර්ග 10 ක් පිළිබදව අත්හදා බැලීම් සිදු කෙරෙන බව ඒ මහතා සදහන් කළේය.

බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථනය තුළ මෙම නව ස්ටෝබෙරි ප්‍රබේද පිළිබදව පර්යේෂණ කටයුතු සිදු කෙරේ.

මෙම අත්හදා බැලීම් සාර්ථක වුවහොත් මේ වසරේ අග භාගයේදී මෙම ප්‍රබේදයන් ගොවි ජනතාව වෙත ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවට ඒ මහතා විශ්වාසය පළ ‍කලේය.

‍ස්ටෝබෙරි මෙරටට ආවේණික පළතුරක් නොවන අතර මේ වන විට වගාවන් සදහා පැළ ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි.

මෙම පර්යේෂණ කටයුතු සාර්ථක වුවහොත් මෙරට තුළම ස්ටෝබෙරි පැළ නිපදවීම සදහා හැකියාව ලැබෙනු ඇත.

කෙසේ වෙතත් ‍මේ වන විට මෙරට තුළ ස්ටෝබෙරි පටක රෝපණ ක්‍රමයන්ද අත්හදා බැලෙන බව පී.ඩී.අබේතිලකරත්න මහතා සදහන් කළේය.

හොද ස්ටෝබෙරි වගාවකින් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ හැත්තෑවක පමණ මුදලක් ලබා ගත හැකි බව ඒ මහතා කියා සිටියේය.

එක් ‍ස්ටෝබෙරි ගසකින් ග්රූම් 400 ත් 500 ත් අතර ප්‍රමාණයක් නෙලා ගැනීමට හැකියාව ඇති අතර වෙළදපලේ ස්ටෝබෙරි කිලෝ ග්රෑම් 01 කට රුපියල් 900 ක පමණ මුදලක් ලබා ගත හැකි වේ.

සම්ප්‍රදායික වගාවක් නොවීම හේතුවෙන් ස්ටෝබෙරි වගාවේ නිරත වීමට තරුණ තරුණියන් ද මහත් කැමැත්තක් දක්වන බව  පී.ඩී.තිලකරතන මහත් සදහන් කළේය.

මේ පිළිබදව වැඩිදුර තොරතුරු දැන ගැනීමට කැමති අය සදහා ස්ටෝබෙරි වගාව පිලිබදව කෘතියක් ද මේ වන විට මුද්‍රණය කෙරෙන අතර ළගදීම එය මිලට ගැනීමට හැකියාව ඔබට ලැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here