මහනුවර අන්තර් පළාත් කාර්යාලය විසින් සෝයා බෝංචි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.
හදුන්ගමුව, හෙට්ටිපොළ, උල්පතගම, නාගදීපය, කන්දකැටිය යන ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
මෙම ප්‍රදේශවල අක්කර 400 ක පමණ සොයා වගාව සිදු කර ඇති බව මහනුවර අන්තර් පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ ජී.එන්.අරුණතිලක මහතා පැවසීය.
ව්‍යාපෘතිය සදහා ගොවීන් 600 කට අධික පිරිසක් සම්බන්ධ වී ඇති බව නියෝජ්‍ය අධ්යක්ෂවරයා සදහන් කළේය.
මෙම ගොවීන් සදහා සෝයා බීජ නොමිලේ ලබා දී ඇති අතර, බිම් සැකසීම සදහා එක් ගොවියෙකුට හෙක්ටයාරයකට රුපියල් 4000 ක මුදලක් ද ලබා දී තිබේ.
මේ වන විට වගා කටයුතු සාර්ථකව ක්‍රියාවට නැංවෙන අතර, අස්වැන්න නෙලීමෙන් පසු ඒවා මිලදී ගැනීමට ද වැඩපිළිවෙලක් සකස් කර ඇති බව බව මහනුවර අන්තර් පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ ජී.එන්.අරුණතිලක මහතා වැඩිදුරටත් සදහන් කළේය.
—
මේ මාසයේ දී හම්බන්තොට අන්තර් පළාත් කාර්යාලය මගින් මුං ඇට වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බව එම කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආර්.එච්.යූ.ගුණවර්ධන මහතා කෘෂි එෆ් කළ විමසීමකදී පැවසීය.
ඒ මහතා සදහන් කළේ අගෝස්තු මස 15 දිනෙන් පසුව වී අස්වනු නෙලීමෙන් අනතුරුව එම කුඹුරු ඉඩම්වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය.
කිරිදිඔය සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපයේ යෝධ කණ්ඩිය හා වීරවිල කෘෂිකර්ම උපදේශක කොට්ඨාසවල මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇත.
හෙක්ටයාර් 2500 ක වගා කිරීමට අපේක්ෂිත මුං වගාව සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇති අතර, වගා කටයුතු සදහා අවශ්‍ය ගුණාත්මක බීජ ලබාදීමට පියවර ගන්නා බව ආර්.එච්.යූ.ගුණවර්ධන මහතා සදහන් කළේය.