පස සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබද පණිවිඩය ජනතාවට ගෙන යාම අරමුණු කර ගනිමින් පාංශු සංරක්ෂණ කලාපය තුළ පාංශු සංරක්ෂණ ආදර්ශන පිහිටුවීමේ වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සාර්ථකව ක්‍රියාවට නැංවේ.

ඒ අනුව මධ්‍යම, සබරගමුව හා ඌව යන පාංශු සංරක්ෂණ කලාප තුළ මෙය ක්‍රියාත්මක එම මධ්‍යස්ථානයේ පුහුණු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නාමල් හෙට්ටිආරච්චි මහතා කෘෂි එෆ් එම් වෙත සදහන් කළේය.

මෙම ආදර්ශන පිහිටු‍වීමේ වැඩසටහන යටතේ තිරසාර ලෙස ඉඩම් කළමනාකරණය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සිදු කෙරේ.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මුල්ගම කෘෂිකර්ම උපදේශක කොට්ඨාසයේ ක්ෂුද්‍ර ජල පෝෂක සංවර්ධන ප්‍රදේශය තුළ එක් ආදර්ශනයක් ක්‍රියාත්මක වේ.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, තැන්න,ඇල්කඩුව හා යටවත්ත යන කෘෂිකර්ම උපදේශක කොට්ඨාසවල මෙම වැඩසටහන යටතේ ආදර්ශන 04 ක් පිහිටුවා ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සදහන් කලේය.

නුවරඑලිය රුවන්පුර ක්ෂුද්‍ර ජල පෝෂක ප්‍රදේශයේද කොත්මලේ . අඹගමුව කෘෂිකර්ම උපදේශක කොට්ඨාසයේද පාංශු සංරක්ෂණ ආදර්ශන පිහිටුවා තිබේ.

සබරගමුව පළාතේ ද පාංශු සංරක්ෂණ ආදර්ශන ක්‍රියාත්මක කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කය තුළ ආදර්ශන 11 ක් හා එම දිස්ත්‍රික්කයේ පාසල් 04 ක එම ආදර්ශන ක්‍රියාත්මක කර තිබේ.

ඊට අමතරව කෑගල්ල බුලත්කොහුපිටිය  කරදවත්ත ක්ෂුද්‍ර ජල පෝෂක ප්‍රදේශයේද පාංශු සංරක්ෂණ ආදර්ශනයක් ක්‍රියාත්මක වේ.

ඌව පළාතේ බදුල්ල,ලුණුගල,හල්දුම්මුල්ල,හාලි ඇල,මීගහකිවුල යන ජල පෝෂක ප්‍රදේශවල ද මොණරාගල දිස්ත්‍රික්කයේ මොරත්තමුල්ල, කරගහවෙල දකුණ,වෑගම දකුණ,පිටදෙනිය හා මැදගම යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවල ද මෙම ආදර්ශන ක්‍රියාත්මක කෙරෙන බව නාමල් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here