මෙරට ලොකු ලූනු අස්වැන්න නෙලීම සිදු කරන කාලය තුළ පිටරටින් ලූනු ගෙන්වීම සදහා සීමා පැනවීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙරට ලොකු ලූනු ගොවියා ශක්තිමත් කිරීම සදහා මෙම පියවර ගැනීමට නියමිතය.

දඹුල්ල , පොළොන්නරුව , අනුරාධපුර , ගලේවල යන ප්‍රදේශවල ලොකු ලූණු නිෂ්පාදනය අතීතයේ හෙක්ටෙයාර් 7000ක පමණ ප්‍රමාණයක් සිදු කළ ද මේවනවිට එය හෙක්ටෙයාර් 1000 දක්වා අඩුවී ඇත.

පිටරටින් ලූනු ආනයනය කිරීම එයට ප්‍රධාන හේතුව බව අමාත්‍යංශය සදහන් කරයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ මාර්තු මාසය වනවිට විදේශීය ලොකු ලූණු තොග පිටින් අලෙවි කිරීම තුළින් දේශීය ලොකු ලූණු නිෂ්පාදකයා අතරමං වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා කියා සිටී.

ඒ හේතුවෙන් රට තුළට ගෙන්වන ලද ලූණු ප්‍රමාණය ගණනය කිරීමට ක්‍රමවේදයක් සකසන බවත් , තොග ගබඩා කර ඇති ලොකු ලූණු සමාගම්වල තොග අතිරික්ත මාර්තු සිට මැයි දක්වා නිදහස් නොකිරීමට කොන්දේසි පනවන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

දේශීය ලොකු ලූණු ගොවියා ගොවිතැනෙන් ඉවත්වීමේ ප්‍රවණතාවයක් රට තුළ මේ වනවිට ඇති වී ඇති බවත් , තමා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන තාක් කල් එසේ නොවීමට වගා බලා ගැනීම තම අපේක්ෂාව බවත් අමාත්‍යවරයා වැඩිදුැටත් අවධාරණය කරයි.

මීට අමතරව ඉදිරියේදී මුං ඇට , කව්පි , කුරක්කන් ඇතුළු බෝග සඳහා ද ආනයනය සීමා කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටී.

කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා මෙම අදහස් පළ කළේ පසුගිය දා නොච්චියාගම ප්‍රෙද්ශයේ දී පැවති උත්සයකට එක්වෙමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here