අරමුණින් ජාතික ආහාර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම ආහාර ප්‍රදර්ශනය දෙසැම්බර් 07 දින සිට 11 දින දක්වා කොළඹ නෙළුම් පොකුණ රඟහල අසළ පිහිටි ග්‍රීන් පාත් ප්‍රදේශයේදී පැවැත්වීමට පියවර ගෙන ඇත.

මෙම ප්‍රදර්ශනය 07 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අතින් විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ප්‍රදර්ශනය  දේශීය ආහාරපාන මෙන්ම එළවළු සහ පලතුරු අලෙවි කිරීමේ ප්‍රදර්ශන කුටි රැසකින් සමන්විත වේ.

ආරක්ෂක අංශ නියෝජනය කරමින් ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් සකස් කරන ලද ආහාරපාන මෙන්ම ඔවුන්ගේ වගාවන් ආශ්‍රිතව නිපදවන ලද එළවළු පලතුරු මෙන්ම මසුන් අලෙවි කිරීමට ද කටයුතු යොදා ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පැවැත්වෙන 2018 ජාතික ආහාර ප්‍රදර්ශනය තුළ තිරිඟු පිටිවලින් සකස් කරන ලද කිසිදු ආහාර වර්ගයක් අලෙවි නොකරන අතර කෘත්‍රිම ආහාරපාන සැකසීම හෝ අලෙවි කිරීම නොකරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here