කෘෂිකර්ම දෙපාර්තමේන්තු හා කෘෂිකර්ම අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන ජාතික මී මැසි සංවර්ධන ව්‍යාපෘතිය 2018 යටතේ මී මැසි පාලනයේ නියුතු ගොවීන් දිරි ගැන්වීම උදෙසා පියවර ගැනේ.

මේ වන විටත් අවම වශයෙන් මී මැසි පෙට්ටි 05කට වඩා වැඩි සංඛ්‍යාවක් නඩත්තු කරනු ලබන තෝරා ගත් ගොවි මහතුන් හට මෙම ප්‍රතිලාභය හිමිවේ.

මී පැණි නිෂ්පාදනය මඟින් අමතර ආදායමක් ලබා ගැනීම, මී මැසි ජනපද 50ක් පමණ නඩත්තු කිරීමට හැකියාවක් පැවතීම, මී මැසි ජනපද සපයා ගැනීමට හැකියාවක් පැවතීම යන නිර්ණායකයන් ගොවීන් තෝරා ගැනීමේදී අනුගමනය කිරීමට අපේක්ෂිතය.

දැනට මී මැසි පාලනය පවතින්නේ කුඩා පරිමාණයෙන් වන අතර ඉදිරියේදී මෙම තත්වය ඉහළ ව්‍යාපාරික මට්ටමක් දක්වා වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ බව ව්‍යාප්ති හා පුහුණු මධස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගා ධර්මසේන මහත්මිය ප්‍රකාශ කළාය.

මී මැසි පාලනය පිළිබඳව තාක්ෂණික හා ව්‍යාපාරික පුහුණුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය මඟින් ලබා දෙන බවද ඒ මහත්මිය වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2018 මැයි මස 25 වන දිනයට පෙර අධ්‍යක්ෂ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය වෙත යොමු කල යුතුය.

වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 081 23 84 317 දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here